
* සන්නායක (Conductors)
යම් ද්‍රව්‍යයක් තුලින් විද්‍යුත් ධාරාවක් හෙවත් ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලායයි නම් එය සන්නායක ලෙස හැදින්වේ. ඉලෙක්ට්‍රෝන සන්නයනය වීමේ හැකියාව සන්නායකතාවයයි.
* සංශුද්ධ සන්නායක
එක් ලෝහමය මූලද්‍රව්‍යයකින් සෑදී ඇති,ප්‍රතිරෝධකතාව අඩු සන්නයකතාව වැඩි සන්නායක සංශුද්ධ සන්නායක ලෙස හැදින්වේ.
* මිශ්‍ර ලෝහ සන්නායක
ලෝහ දෙකක් හෝ වැඩි ගනනක් එකතුවීමෙන් මෙම සන්නායක සෑදී ඇත. සංශුද්ධ
සන්නායක වලට වඩා ප්‍රතිරෝදකතාව වැඩි අතර මේවායේ සන්නයකතාවයද
අඩුය.ප්‍රතිරෝදකතාව වැඩි බැවින් විදුලි උදුන් වල තාපන දඟරයේ නික්රෝම් යොදා
ඇත. මෙමගින් වැඩි තාප ශක්ති ප්‍රමානයක් ලබාගත හැක.
*අර්ධ සන්නායක
විදුලිය මඳ වශයෙන් ගමන් කරයි. සන්නායක වලට වඩා අඩුවෙන්ද පරිවාරක වලට වඩා වැඩියෙන්ද ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලයි.
*පරිවාරක
විදුලිය සන්නයනය නොවන ද්‍රව්‍ය පරිවාරක ලෙස හැදින්වේ. මේවා විද්‍යුත් කුසන්නායක ලෙස හතුන්වමු.
By:Naveen Yasiru
04/07/2012
No comments:
Post a Comment
ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...