Social Icons

Money For Get a Domain

Monday, August 6, 2012

මෙන්න ලස්සන වෙන්න පහසුම මග

කෙනෙකු රූප සම්පත්තිය ඇතිව උපදින්නේ කුසල් සම්පත් හේතුවෙනි. ඒ සඳහා යම් යම් යහපත් කරුණු ඉෂ්ඨ සිද්ධවීම වැදගත්ය. එනම්, මෛත්‍රීසහගත බව අන් අයගේ දියුණුවට ඇති සහජ කැමැත්ත, අන් අයගේ ගුණාත්මක ගති පැවතුම් ඉස්මතුකොට පෙන්වා ඔවුන් ධෛර්යමත් කිරීම රූප සම්පත්තිය වැඩෙන පුණ්‍ය ක්‍රියාවෝය. එපමණක් නොව කරන කියන කටයුතු ද ක්‍රමානුකූලව, පිළිවෙලකට, නිසි පරිදී, සැළකිල්ලෙන් ඉටුකිරීම රූප සම්පත්තිය හිමි වීමට තවත් හේතුවකි.

එසේම ජරාවාස වූ ගිලන්හල්, විහාරස්ථාන, දාගැබ්, පාසල්, 

පාලම්, වැව් පොකුණු, උයන් වතු, ජලාශ ආදී මනුෂ්‍යයන් ප්‍රමුඛ සකල සත්වයන්ටම ප්‍රයෝජනවත් වන තැන් අළුත්වැඩියා කිරීම, යථා තත්වයට පත්කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ද රූප ශෝභාව ලැබෙන පින්කම්ය.

තවද වස්ත්‍ර පූජාව, සුවඳ වර්ග, මල් පූජාව, ජලාශ ඉඳිකිරීම, වැස්කිළි-කැසිකිළි පිරිසිදුව තැබීම හා කායික වශයෙන් ද මානසික වශයෙන් ද පිරිසිදු ජීවිතයක් ගතකිරීම උපනූපන් භවයන් හි රූප ශෝභාවෙන් පිරිපුන් තෙදවත් බවක් ලැබීමට හේතුවන බව බුදුරදුන් වදාරා ඇත.

පිරිසිදුව ජීවත් වීම, පිරිසිදුබව ගැන අන් අයට කරුණු වටහා දී ඔවුන් අපිරිසිදුකමින් වලක්වා ගැනීම ද රූප ශෝභාව මෙළොවදීත් මතු භවයන්හිදීත් ප්‍රියශීලී පැහැපත් පෙනුමක් ලැබීමට හේතුවෙයි. මලක්, පහනක් පුද පූජා කිරීමෙහිදී වුවත් පරමල් ඉවත්කොට තැළුන මල් අස්කොට මල් අසුන පිරිසිදු කර ක්‍රමානුකූල පිළිවෙළකට මල් පහන් වුවද පූජා කල යුතුය. අපිරිසිදු පූජනීය භූමි, වෙහෙර මළු, බෝධි මළු, මං මාවත් ආදිය පිරිසිදු කිරීම ද රූප ශෝභාව වඩන කුශල ක්‍රියාවෝ යැයි වදාළහ. තවද සත්‍යවාදී වීම, බොරුවෙන් වැළකීම ද ඔවුනොවුන් බිඳවන කේලාම් වලින් වැළකීම ද තුන්වන සිඛ පදය නිසි පරිදී රැකීම ද මහේසාක්‍ය බවින් යුත් ආත්මයක් ලැබීමට හේතුවෙති’යි බුදුරදුන් වදාළහ.

(අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි පුවත්පතකට ලියන ලද ලිපියක් ඇසුරෙනි.)

No comments:

Post a Comment

ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...