Social Icons

Money For Get a Domain

Monday, August 6, 2012

ස්‌ථුලතාවයෙන් මිදීම සඳහා ව්‍යායාම.......

ස්‌ථුලතාවය අඩු කරගැනීමට ආහාර පාලනය සිදු කළ යුතු අතර ශරීරයේ ගබඩා වී ඇති අධික කැලරි ප්‍රමාණය වියදම් කිරීම සඳහා
ව්‍යායාම වල නිරත වීම අනිවාර්ය වේ. ව්‍යායාම වල නිරත වීමෙන් ශරීරයේ හැඩය
ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වේ. මාංශ පේශි වල වර්ධනය සඳහා අනිවාර්යයෙන් ම ව්‍යායාම වල නිරත විය යුතුය.

නමුත් බොහෝ දෙනෙකු සිතන්නේ තමන්ගේ රාජකාරියේ දී හෝ නිවසේ වැඩ කටයුතු


වලදී මහන්සි වී වැඩ කිරීමෙන් ශරීරයට අවශ්‍ය වන ව්‍යායාම ලැබෙන බවයි.
මෙය සම්පූර්ණයෙන් ම වැරදි සිතුවිල්ලකි.

ව්‍යායාම ලෙස අප හඳුන්වන්නේ මානසික තෘප්තියකින් යුතුව කය වෙහෙසා කරන
කාර්යයයි.

රාජකාරියේ දී හෝ නිවසේදී කරන වැඩකටයුතු වලදී පීඩනයකින් යුතුව ඒවා කරන නිසා
මානසික තෘප්තියක්‌ ඇති නොවේ. මෙමගින් ව්‍යායාම කිරීමෙන් ලබන ප්‍රතිඵල ලබාගත
නොහැකියි. උදාහරණයක්‌ ලෙස ඔබ නිවසක්‌ පිරිසිදු කිරීම සහ බැට්‌මින්ටන් ක්‍රීඩාවේ
නිරතවීම පිළිබඳව කල්පනා කර බලන්න. ඔබ නිවසේ වැඩ කටයුතු කරනු ලබන්නේ හැකි
විගස එය අවසන් කර තවත් කාර්යයක නිරත වීමට තිබීම පිළිබඳව සිතමිනි.
නමුත් ඔබ ක්‍රීඩාවේ නිරත වන්නේ දැඩි සතුටකිනි. ඒ නිසා ඔබ දෛනිකව පිළිවෙලකට
ව්‍යායාම වල නිරතවීම මානසික තෘප්තියකින් යුතුව සිදුකළ යුතුයි.

දැන් අපි සලකා බලමු කිසිදිනෙක ව්‍යායාම නොකළ කෙනෙකු ව්‍යායාම කිරීමට යොමු
වන්නේ කෙසේද කියා.

පළමුවෙන් ම කළ යුත්තේ ඔහු හෝ ඇය දිනපතා විනාඩි 30 ක්‌ පමණ වේගය අඩුකිරීමකින්
තොරව ඇවිදීමයි.

ඔබගේ ශරීරයේ විනාඩි 20 ක්‌ පමණ ව්‍යායාම කිරීමේදී දහනය වන්නේ දෛනිකව
ලබාගන්නා කැලරි ප්‍රමාණය වේ. ශරීරයේ තැන්පත් වී ඇති මේදය දහනය වීමට පටන්
ගන්නේ 20 විනාඩියේ පටන් ය. එම නිසා ඔබ විනාඩි 30 ක්‌ පමණවත් ඇවිදීමේදී
විනාඩි 10 ක්‌ ශරීරය තුළ තැන්පත් වී ඇති මේදය දහනයට ලක්‌වේ.

එක්‌ වරකට ව්‍යායාම වැඩිසංඛ්‍යාවක්‌ කිරීමට උත්සාහ නොකරන්න. එවිට අධික මහන්සිය
සහ මස්‌පිඩු වේදනාව ඇතිවී ව්‍යායාම කිරීම ඔබට කරදරයක්‌ ලෙස දැනේවි. එම නිසා
ව්‍යායාම ප්‍රමාණය සහ කාලය ක්‍රමක්‌ ක්‍රමයෙන් වැඩිකිරීමට වගබලා ගන්න.

මුල් කාලයේ දී ඔබ ක්‍රිඩා පිට්‌ටනියක හෝ රථවාහන අඩු පාරක, එසේ නොමැති නම්
කායවර්ධන මධ්‍යස්‌ථානයක හෝ ඇවිදීමේ නිරත වන්න. සති දෙක තුනක පමණ
කාලයක්‌ මෙසේ ඇවිදීමෙන් ශරීරයේ සැහැල්ලු ගතියක්‌ සහ උද්ෙHdaගීමත් භාවයක්‌
ඔබට දැනේවි. ඉන්පසු ඔබ ක්‍රමක්‌ ක්‍රමයෙන් අත් වලට, බෙල්ලට, පාදවලට සහ
කොන්දට ව්‍යායාම කිරීමට පුරුදු වන්න. මේ සඳහා සුදුසු පුද්ගලයෙකුගේ උපදෙස්‌ ලබා
ගත යුතුයි.

අවසානයේ උදරය ශක්‌තිමත් කර ගැනීමට අවශ්‍ය වන ව්‍යායාම කිරීමට යොමු වන්න.
මතක තබා ගත යුතු වන්නේ බර අඩු කර ගැනීම සඳහා වඩාත් උපකාරී වන්නේ
විනාඩි 40 ක්‌ හෝ 50 ක්‌ ඇවිදීමයි. මාංශ පේශී වර්ධනයට සහ ශරීරයේ හැඩය පවත්වා
ගැනීමට උපකාරී වන්නේ ද ව්‍යායාමයි. එම නිසා උවමනාවෙන් ආහාර පාලනය කිරීමෙන්
සහ සුදුසු ව්‍යායාම වල නිරත වීමෙන් ඔබට ස්‌ථුලතාවයෙන් තොර නිරෝගී සිරුරක්‌ හිමි
කර ගත හැකිවේ.

වෙළද පොලේ බර අඩුකර ගැනීම සඳහා යම් යම් ඖෂධ වර්ග ඇතත් වෛද්‍යවරයකුගේ
නිසි උපදෙස්‌ වලින් සහ පරීක්‌ෂාවකින් තොරව ඒවා ලබා ගැනීමෙන් අනිසි ප්‍රතිඵල ඇතිවිය
හැකියි. එම නිසා ආහාර පාලනය සහ ව්‍යායාම මගින් ඔබට කිසිදු සුබදායී ප්‍රතිඵලයක්‌
ලබාගත නොහැකි නම් පමණක්‌ වෛද්‍යවරයෙකු වෙත යොමු වී පරීක්‌ෂා කර බලා ප්‍රතිකාර
වලට යොමුවීමට උනන්දු වන්න. ස්‌ථුලතාවය නිරෝගී දිවියකට මග අහුරයි. ඒ බව මතක
තබා ගන්න.

No comments:

Post a Comment

ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...

Advertisements

Related Posts Plugin for WordPress, Blogger...