Rovio සමාගමේ ඉතා ජනප්‍රිය gaming series එකක් ලෙස Angry Birds
හදුන්වන්නට පුළුවන්. ඒ වගේම ඔබත් අඩුමතරමේ එක් වරක් හෝ “Angry Birds” හී
අත්දැකීම විද ඇතිවාට සැකයක් නැහැ. දැන් Rovio සමාගම සුදානම් වෙන්නේ ඔවුන්ගේ
නවතම Angry Birds
ව්‍යාපෘතිය ඔබ වෙත ගෙන ඒමටයි. මෙවර ඔවුන් ඔබ වෙත ගෙන ඒමට සැරසෙන්නේ තවත්
එක් game එකක් නම් නෙවෙයි, ඒ animated cartoon එකක්. එළබෙන මාර්තු මස 16 හා
17 යන දිනවල “Angry Birds Toons” නම් වූ මෙම cartoon
මාලාවේ, ප්‍රථම මංගල දර්ශනය නිකුත් කිරීමට සමාගම බලාපොරොත්තු වෙනවා. Angry Birds mobile app එක හරහා පමණක් මෙම Angry Birds Toons නිකුත් කෙරෙන බැවින් සාමාන්‍ය cartoon එකක් ලෙසින් TV එකෙන් අපිට මෙය දැක බලාගැනීමට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. වසරකට කථාංග 52ක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත්, එම එක් කතාංගයක් විනාඩි කිහිපයක් පමණක් දිවෙන බවත් Rovio සමාගම තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
ඔවුන්ගේ මෙම නවතම cartoon මාලාව සම්බන්දයෙන් Rovio සමාගම අපූරු වීඩියෝවක් youtube වෙත එක් කර තිබෙනවා. පහතින් දී තිබෙන්නේ එම වීඩියෝවයි.
ඉතින් මේ සම්බන්දයෙන් ඔබ මොකද සිතන්නේ? Angry Birds ක්‍රීඩා මාලාව ලෙසම, මෙම Cartoon මාලාවත් ජනප්‍රිය වේවිද?






No comments:
Post a Comment
ප්‍රයොජනවත් උනානම් මෙතන මොනවහරි ලියල යන්න...