ලස්සන සිරුරකට කොහොඹ සත්කාරයක්...

ලස්‌සන
වෙන්න අපි කවුද අකමැති වෙන්නෙ. ඇත්තට ම අපි දේශීය දේ වලින් ශාකසාර වලින්
අපේ සමට කිසිම ආකාරයක අසාත්මිකතාවයකින් තොරව සම පැහැපත් කරන මෙන්ම
නිරෝගීමත් කරන දේ කොතරම් තිබෙනවාද?
නමුත් අපි හුඟක් දෙනා ඉතා පහසු දේ වන ක්‍රීම් වර්ගවලට යොමු වෙලා තිබෙනවා.
ඇත්තටම අපට ඉතාම පහසු දෙයක් තමා ක්‍රීම් වර්ග. ඒත් මා කියන්න හදන්නේ
සතියකට හෝ මසකට වරක්‌වත් දේශීය දේ අප ප්‍රයෝජනයට ගෙන සත්කාර කරනවා නම්
කෙතරම් දුරට අප ලස්‌සන වෙනවාද? පිරිසිදු වෙනවාද? පැහැපත් වෙනවාද නිරෝගී
වෙනවාද කියන එකයි.
රුව ලස්‌සන වීම මෑතක සිට වන දෙයක් නොවෙයි. ඈත අතීතයේ සිටම කාන්තාවන් දේශීය ශාක සාර උපයෝගී කරගෙන රුව රැක ගත්තා.
ඒ වගේම මෙය පැවත එන්නෙ අපට ආසන්නතම රට වන ඉන්දියාවෙන්. ඉන්දියානු කාන්තාවන්
බොහෝ විට කෘත්‍රිම ආලේපනවලට වඩා